ඇතුවත් බැරි නැතිවත් බැරි කටුපොල්

p2 4කටුපොල් වගාව පරිසරයට ඉතා අහිතකර ලෙස බලපාන බව සාමාන්‍ය පිළිගැනීමය. නිවර්තන කලාපීය වනාන්තර විනාශයට සහ සත්ත්ව විශේෂ කෙරෙහි ඉතා දැඩි බලපෑමක්‌ ඇති කිරීමට කටුපොල් වගාව හේතුවේ.

කෙසේ වුවත් යථාර්ථය ඊට වඩා බොහෝ සංකීර්ණ බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කටුපොල් වගාව මගින් සිදුවන පරිසර විනාශයට පිළියම එය සීමා කිරීම නොවන බව අන්තර් ජාතික පරිසර සංරක්‌ෂණ එකමුතුව (ෂඹCභ) පවසයි. එසේ කිරීමට පෙළඹීම මගින් ඊට වඩා පරිසර විනාශයක්‌ සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

ලෝක වන විනාශයෙන් 0.4% කට කටුපොල් නැතහොත් පොදු ව්‍යවහාරයේ භාවිත වන පාම් ඔයිල් වගාව හේතුවන අතර එය ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සමහර ස්‌ථානවලදී 50% ද ඉක්‌මවයි.

එනමුත්, එළවළු තෙල් සඳහා වන ඉල්ලුම හේතුවෙන් කටුපොල් වගාව තහනම් කිරීම විසඳුමක්‌ නොවන බව මෙම වාර්තාව සැකසූ අන්තර් ජාතික පරිසර සංරක්‌ෂණ එකමුතුවේ මතය වී තිබේ.

එසේම, පරිසර හිතකාමී එළවළු තෙල් සඳහා පාරිභෝගිකයන් අතර ඉල්ලුමක්‌ ඇති කිරීමට දරන ලද උත්සාහයන් ද අසාර්ථක වීම සම්බන්ධයෙන් වාර්තාවෙන් කනස්‌සල්ල පළකර තිබේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *