ලගදීම පියාඹන ටැක්සි

වසර 2020 පමණ වන විට ගුවන් ගත කුලී රථ එහෙමත් නැතිනම් ටැක්සිවලින් මගීන්ට තම ගමන් බිමන් යෑමේ අවස්ථාව උදාකර දීම සඳහා උඡඥප නම් සමාගමක් සූදානම් වෙනවා. එම සමාගමේ ප්‍රධාන විධායක ඩැරා කොස්රොෂාහී පවසන අන්දමට මෙම ටැක්සි ස්වයංක්‍රියව ගුවනේ ගමන් කරන ඒවායි. ඔහු මේ බව අනාවරණය කරන ලද්දේ පසුගියදා ජපානයේ පැවැති ආයෝජන සමුළුවකදීය.

මීට පෙර මේ අන්දමේ ටැක්සි සේවාවක් වසර 2016දී ආරම්භ කරන බව සඳහන් කොට තිබුණත් විවිධ හේතූන් මත එය 2020 පමණ දක්වා කල් දැමීමට උඡඥප සමාගමට සිදුවූ බව සඳහන්.

ලොව ඉහළ යමින් පවතින වාහන තදබදය සඳහා සාර්ථක පිළියමක් ලෙස දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්‍ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 70ක්. මේ වන විට ඇමෙරිකාවේ ව්ඒඉඒ ආයතනය සමඟ එක්ව ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින අතර මුලින්ම මෙම ටැක්සි සේවාව ඩුබායි ඇමෙරිකාවේ ඩැලාස් සහ ලොස් ඇන්ජලීස් යන නගරවලින් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන උඡඥප සමාගම සඳහන් කරන අන්දමට පැයට කිලෝමීටර් 320ක පමණ වේගයකින් ධාවනය කළ හැකි සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ මේ සඳහා යොදා ගැනෙනවා. මේ නව හඳුන්වාදීම මඟින් 2028 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ලොස් ඇන්ජලීස් නගරයට අලුත් අගයක්ද එක්වනු ඇති බව උඡඥප සමාගම සඳහන් කරනවා. මෙය පරිසර හිතකාමී විසඳුමක් මෙන්ම මාර්ගවල වාහන තදබදය සඳහාත් නියම විසඳුමක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙනවා.
මෙම ගුවන් ටැක්සියක ගමනක් යෑමට අවශ්‍ය වූ විටෙක මගීන් කළ යුත්තේ උඡඥප ඒනන එක හරහා කුලී ගමන සඳහා වාහනයක් ඇණවුම් කිරීමයි. එවිට අදාළ ගුවන් ටැක්සිය සමීපයේම පිහිටි “ඉඬරනධපබ” එක වෙත පැමිණෙනවා. මෙබඳු ඉඬරනධපබ නගරයේ නියමිත මාර්ගවල තැනින් තැන පිහිටා තිබෙනවා.

මේ වන විටත් මේ සංකල්පයයේ වාහන නිර්මාණය කොට අත්හදා බැලීම් පවා සිදුකොට ඇති අතර “වොලොකොප්ටර්ස්” නම් එක් නිර්මාණයක් 2017 වසරේ ඩුබායි හිදී අත්හදා බලනු ලැබුවා. මෙය රියැදුරන් රහිත ස්වයංක්‍රියවම ගුවනේ ගමන් කරන වාහනයක්.

ඉදිරියේදී ඔබට වර්තමානයේ කෝල් ටැක්සියක් ගෙන්වා ගන්නා ආකාරයට ඉතා පහසුවෙන් මෙම ගුවන් ටැක්සියක් ගෙන්වා ගත හැකියි. ඔබ කළ යුත්තේ වාහනයට නැඟ ඔබ යායුතු ගමනාන්තය ඉතා පැහැදිලිව පැවැසීම පමණයි. රියැදුරකු එහෙමත් නැතිනම් නියමුවකු නොමැති මෙම වාහනය ඉතා ආරක්‍ෂාකාරිව ඔබට අවශ්‍ය තැන වෙත රැගෙන යනු ඇත.

මේ වන විට කැලිෆෝනියානු සමාගමක් වන ජොබ් ඇවියේෂන්, දැවැන්ත ඩේ‍රා්න ආකාරයේ ගුවන් ටැක්සියක් නිපදවීම ආරම්භ කොට තිබෙනවා. පැයට කිලෝමීටර් 321ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාවකින් යුත් මෙය බල ගැන්වෙන්නේ ලීතියම් කොබල්ට් මැන්ගනීස් ඔක්සයිඩ් බැට්රිවලිනුයි. “ජොබ් ඉ2” ලෙස නම් කොට ඇති මෙය විදුලි බලයෙන් ක්‍රියාත්මක ප්‍රොපලර් (අවර පෙති) 16කින් සමන්විතයි. මෙය සිරස් අතට ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ හැකියාවෙන් යුක්ත වන බැවින් ඊට විශේෂිත ධාවන පථයක් අවශ්‍ය වන්නේ නැත. සිරස් අතට ගුවන් ගත වීමෙන් පසු එහි අවර පෙති 16න් 12ක් හකුළා ගැනෙන අතර ඉතිරි අවර පෙති 4 ආධාරයෙන් ඊට ගුවන් යානයක් සේ අධි වේගයෙන් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

එයාර් බස් සමාගම ද පසුගිය පෙබරවාරි මාසයේ “ඇල්ෆා වන්” නමින් මේ ආකාරයේ ගුවන් ටැක්සියක් ඉතා සාර්ථක ලෙස ගුවන්ගත කොට අත්හදා බලනු ලැබුවා.

Add a Comment

Your email address will not be published. Required fields are marked *