ඇමේසන් වැසි වනාන්තර ඇතුළේ අමුතු ජීවිත

ඇමේසන් කලාපයේ කොටස් කීපයක් ජන ශූන්‍යව පැවැතිණැයි කලක් තිස්සේම අදහස් කරන ලද නමුත් ක්‍රි.ව. 1250 තරම් අෑත කාලයකදී එම පෙදෙස්වල දස ලක්ෂයක පමණ ජනතාවක් වාසය කර ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ප්‍රධාන ගංගාවලින් බැහැර පිහිටි වැසි වනාන්තර බද පෙදෙස්වල රැකවරණ සලසන ලද හා සවිමත් කරන ලද ගම් 1,500ක් පමණ තිබුණු බව සනාථ කරන සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයනට හැකි වී තිබේ. එහෙත් එවැනි ප්‍රදේශවලින් තවත් තුනෙන් දෙකක පමණ කොටසක් ගවේෂණයට භාජන කළ යුතුව ඇතැයිද ඔවුහු කියති.

ක්‍රි.ව. 1250 සිට 1500 දක්වා කාලය තුළ දකුණු ඇමේසන් කලාපයේ සැතැපුම් 1,100ක් පමණ දිගට විහිදුණු ප්‍රදේශය අඛණ්ඩවම ජනාවාසව පැවැති බව එහිදී හමු වුණු අඟුරු කැබැලි හා කැණීම්වලදී හමුවුණු මැටි බඳුන් විශ්ලේෂණයට භාජන කිරීමේදී තහවුරු විණැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. දීර්ඝ කාලයක් සමෘද්ධිමත්ව ජීවත් වූ එම ජනතාව යුරෝපීයයන්ගේ ආක්‍රමණයත් ඒ සමඟ පැතිරෙන්නට වූ නොයෙක් ලෙඩ රෝගත් නිසා විනාශයට පත්ව ඇතැයිද පර්යේෂකයෝ සඳහන් කරති. පැරැණි ප්‍රජාව ගංගා සහ වෙනත් ජල මාර්ග ආශි්‍රතව වාසය කිරීමට කැමැති වූහයි ජනතාව අතර මුල් බැසගෙන ඇති මතය මෙයින් බොහෝදුරට වෙනස් වන බවද කියැවෙයි.

ඇමේසන් කලාපයේ ඉතිහාසයෙහි පැවැති හිඩැසක් මෙම ගවේෂණයේදී සොයා ගැනුණු සාධක මත මැකී යන අතර පදිංචියෙන් හෝ ගොවිතැන් කටයුතු අතින් හෝ කිසිදු මිනිස් සම්බන්ධතාවක් නැතිව පැවැතිණැයි සලකුණු එම ඇමේසන් වැසි වනාන්තර බද ප්‍රදේශවලට එහි විසූ ජනතාවගෙන් අති විශාල බලපෑම් එල්ල වී ඇති බවද අනාවරණය වෙයි. යුරෝපීයයන් අතර ඒ වනවිට පැතිර තිබුණු නොයෙක් රෝග ඉතා වේගයෙන් ව්‍යාප්තවී ඇති හෙයින්. ඔවුන් ඇමේසන් කලාපයට පා තබන්නටද කලින්ම එහි ජනතාව එම රෝගවලට ගොදුරු වන්නට ඇතැයි එක්සෙටර්ස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ජොනාස් ගි්‍රගොරියෝ “මේන් ඔන්ලයින්” පුවත් සේවයට පැවැසීය.

පෘතුගීසීන් ඇමේසන් වැසි වනාන්තර කලාපයට පැමිණ වැඩිකල් යන්නටද පෙර ඔවුන් එහි විසූ ජනතාවට එරෙහිව සෘජු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කොට ඔවුන් වහල් සේවයෙහි යොදා ගැනීමට පටන් ගත් බවත් ඔවුන්ගේ විනාශය කොතරම් ඉක්මන් වූයේද යන්න පිළිබඳ හෝ ඔවුන්ගෙන් කීදෙනකුට ජීවිත රැකගත හැකි වූයේද යන්න ගැන හෝ සම්පූර්ණ විස්තර දැන ගැනීමට පර්යේෂකයනට නොහැකි වී ඇති බවත් ආචාර්ය ගි්‍රගොරියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රැකවරණ සැලසීමෙන් ශක්තිමත් කරන ලද ගම්වල නටබුන් හා “ජියෝග්ලිෆ්ස්” (ට්ඥධඨතරනඩඵ) යනුවෙන් හැඳින්වෙන අද්භූත භූ සිත්තම්ද පුරාවිද්‍යාඥයනට හමුවිය, චතුරස්‍ර, කව හා ෂඩස්‍ර යනාදී හැඩ තල මිශ්‍ර කොට මිනිසා අතින් කැනුණු ඇගිලි විශේෂයක් මේ නමින් හැඳින්වෙයි.

මෙම භූ සිත්තම් කුමන අරමුණක් ඇතිව කරන ලද්දේද යන්න විශේෂඥයනට තවමත් රහසක්ව පවත්නා අතර එය කිසි යම් චාරිත්‍ර විධියකැයිද සමහරු අදහස් කරති.

භූ සිත්තම් (ට්ඥධඨතරනඩඵ) නිර්මාණය

බිම් කොටසක් මතැ නොයෙක් උපකරණ භාවිතයෙන් නිර්මාණය කරනු ලබන විවිධ චිත්‍ර රටා මෙම භූ සිත්තම්ය. කල් පවත්නා දැඩි උපකරණ යොදා ගැනීමෙන් මෙම චිත්‍ර රටා දිගින් මීටර් හතරක් පමණ වනසේ ගල් මතද ලොකු රුක් කඳන්වල මෙන්ම බොරලු සහිත බිම් කඩවලද නිර්මාණය කැරෙයි. 1970 සිට ඇමේසන් වැසි වනාන්තරවල මෙවැනි නිර්මාණ බොහෝ ගණනක් හමුවී තිබේ. ඒ සියල්ලක්ම චතුරස්‍ර කව හා ෂඩස්‍ර සහිතව මිනිස් අතින් පොළොව මතැ මවන ලද රටාය. පීරු ප්‍රාන්තයේ නස්කාහි භූ සිත්තම් බෙහෙවින් ප්‍රකටව ඇතත් ඒවායේ සංස්කෘතික විශේෂත්වය තවමත් රහසකි. පීරූ වෙරළාසන්න නාස්කා කඳුකරයට ඉහළින් සිය ගුවන්යානය පියාසර කරවූ ගුවන් නියමුවකු නාස්කා භූ සිත්තම් පළමුවෙන්ම දක්නට ලැබුණේ 1939දීය. යුනෙස්කෝ සංවිධානය 1994දී එය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර නාස්කා නගරයත් දකුණු ලීමා නගරයට කි.මී. 400ක් පමණ දුරින් පිහිටි පැල්පා නගරයත් අතර සැතැපුම් 50ක් (කි.මී. 80ක්) දිගට විහිදී තිබේ.

මෙතෙක් හමුවී තිබෙන “ජියෝග්ලිෆ්ස්” භූ සිත්තම් අතුරෙන් 700ක් පමණ නාස්කාහි ඉපැරැණි වැසියන් විසින් පළමු වැනි හා හයවැනි සියවස් අතර කාලය තුළ නිර්මිත යැයි සැලැකේ. “නාස්කා රේඛා” (ව්ධලජච ඹ්ඪදඥඵ) යනුවෙන්ද හැඳින්වෙන මෙම භූ සිත්තම්, පොළොව මතුපිට කළු පැහැති බොරලු ස්තරයට යටින් පිහිටි ළා පැහැති පස් තට්ටුව මතුවී පෙනෙන ලෙස නිර්මාණය වීම මෙහි විශේෂත්වයකි. මෙම නිර්මාණ සාමාන්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදෙන බවත් ඉන් පළමුවැන්නට අයත් නිර්මාණ හැත්තෑවක් පමණ. සිව්පාවුන්. කුරුල්ලන් හා කෘමීන් නිරූපණය වන සේ නිර්මාණය කරනු ලැබ ඇතැයිද දෙවැනි කොටසට අයත් නිර්මාණ සර්පිලාකාර, ත්‍රිකෝණකාර හා සෘජු කෝණාකාර හැඩතලවලින් සැකැසී ඇතැයිද ගවේෂකයෝ සඳහන් කරති. එක්සත් රාජධානියේද හුනුගල් පර්වතවල සමතලා පැති මතැ අශ්ව රූප හා මිනිස් රූප කෙටී තිබේ. ඒ අතර උෆිටෙන් සුදු අශ්වයාද, වෙස්ට්බරි සුදු අශ්වයා සහ විලිටෙන් ලොන්ඩ් මානාද නිරූපිතය. මෙම ගවේෂණයේදී නිරීක්ෂණයට ලක් කෙරුණු ප්‍රදේශය තුළ “ජියෝග්ලිෆ්ස්” භූ සිත්තම් 81ක් හමුවූ අතර ඒවා සමීපයෙහි මෙන්ම ඒවා අතරද ඉඳහිට ගම්ද දක්නට ලැබිණි.

ඇමේසන් කලාපය, සංචාරක එ‍ෙ¾ඩ්රුනට පමණක් සීමා වූ බිම් කඩක්ය යනුවෙන් සාවද්‍ය ආකල්පයක් බොහෝ කාලයක් තිස්සේ පැවැති නමුත් යථා තත්ත්වය එසේ නොවේ යැයි ආචාර්ය ගි්‍රගෝරියෝ ද සොයා ප්‍රකාශ කළේය. මෙම කලාපයේ ප්‍රධාන ගංගාශි්‍රත ප්‍රදේශවලින් බැහැර ජීවත් වූ ජනගහන එතෙක් අදහස් කෙරුණට වඩා බෙහෙවින් විශාල බවත් එම ජනතාවගෙන් ඇමේසන් පරිසරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් සනාථ කරන සාධක තමන්ට ලැබී ඇතැයිද ඔහු පැවැසීය.

සමහර භූ සිත්තම්, ජල මංකඩ ජාලයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වනසේ අවුරුදු බොහෝ ගණනක් තිස්සේ නිර්මාණය කැරෙන්නට ඇතැයිද කියනු ලැබේ. එපමණක් නොව කැලෑ එළි කිරීම වඩාත් පහස ුවන වාර්ෂික ඉඩෝර කාලවලදී මෙම භූමි සිත්තම්වලින් වැඩිම ගණනක් නිර්මාණය කරන්නට ඇතැයිද සැලැකේ. මෙහි වියළි ප්‍රදේශවල ඉතා සරු පසක් තවමත් තිබෙන අතර ඇමෙසන් කලාපයේ පැරැණි ගොවීන් එහි ධාන්‍ය වර්ග හා “බ්‍රසීල් නට්ස්” නමැති පලතුරු වර්ගද වගා කරන්නටද ඇතැයි ගවේෂකයෝ කියති.

ඇමේසන් කලාපයෙන් වැඩිතම කොටස තවමත් පුළුල් ගවේෂණයකට ලක්වී නැති නමුත් තමන් කරගෙන යන මෙම අධ්‍යයනයේදී පෘථිවිය මත තිබෙන විශාලතම වැසි වනාන්තර කලාපයේ ඉතිහාසය පිළිබඳ තව තවත් තොරතුරු අනුක්‍රමයෙන් අනාවරණය කරන බව එක්සෙටර් විශ්වවිද්‍යාලයෙන් මෙම ගවේෂක කණ්ඩායමට එක් වුණු මහාචාර්ය ජෝසේ ඉරියාර්වේ, ප්‍රකාශ කරයි. ඇමේසන් ඉතිහාසය යළි තව දුරටත් ගැඹුරින් හැදෑරිය යුතු බවද සඳහන් කරන මහාචාර්ය ජෝසේ එම කලාපයේ ජනාකීර්ණව පැවැතී ඇත්තේ මහා ගංගා ආශි්‍රත ප්‍රදේශ පමණක් නොවන බවත් එම ජනතාව කලාපයේ භූ සැකැස්ම වෙනස් කර ඇති බවත් දැනට තමන්ගේ ගවේෂණයට භාජන වී තිබෙන ප්‍රදේශයෙහි අවම වශයෙන් දස ලක්ෂයක පමණ ජනගහනයක් පැවැති බවට සාධක තමන්ට හමුවී ඇති බවත් ප්‍රකාශ කළේය.

ජාතික භූ විද්‍යා සහ යුරෝපීය පර්යේෂණ මණ්ඩලයේ “පාස්ට්”  නමැති ව්‍යාපෘතිය යටතේ සැපැයුණු මූල්‍යාධාරයෙන් කරන ලද මෙම පර්යේෂණය පිළිබඳ විස්තර “නේචර් කොමියුනිකේෂන්  සඟරාවෙහි පළවී තිබේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *