ලෝවැඩ සඟරාව

ලෝවැඩ සඟරාව අනාදිමත් කාලයක සිට බෞද්ධයින් ඉතා බැතියෙන් පරිහරණය කළ කවි එකතුවකි. මෙය කෝට්ටේ ජයචර්ධනපුර යුගයේ විසූ වීදාගම මෛත්‍රී මහ නාහිමියන් විසින් රචනා කරන ලදී. මෙය ට අදාල අරුත් වැකි ඉදිරි දිනයකදී එක් කරන්නෙමි.

1

සෙත්සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙ දාණන්
තිත් ගනඳුර දුරලන දිනි දාණන්
සිත් සතොසින් නමදිමි මුනි දාණන්
2
ඇම පමණින් පැචසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක් විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිමි සදහම් පහදා සිතු
3
සිරිමත් බඹ සිරසෙහි පා පිසි නා
සැරියුත් මහමුගලන් පිළිවෙළි නා
පිළිවෙත් සරු මහ සඟගණ සොබ නා
මුදුනත් බැඳ නමදිමි බැති පෙමි නා
4
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් තිදොරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසමි කළ කම් පල දැන් හෙළුකොට
5
දහමට සරිකොට එළුවෙන් පෙරකී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණි සඟ සැට නමකී
6
එබැවින් එළුවෙන් කීවයි අනද
නොවමින් බැතියෙන් අදරින් නමක
සතොසින් ඇසුවොත් මෙදහම් මනහ
සැබවින් සිදුවෙයි සගමොක් සිරිස
7
බිම ඉඳ සිට කී බණ නා ස න්නේ
විම තිව උඩ ඉඳ සිට නා ස න්නේ
කැම තිව කීවොත් විම සා ස සන්නේ
එම වද සගමොක් සැප සා ද න්නේ
8
සියල් සසර දුක් දුරුකරැ නොයෙ කි
අසල් කරන මොක් සිරිසැප නිසැ කි
සියල් සතුනි පින් කරවයි මුනි කි
නොකල් අටකි පින්කම් කළ නොහැ කි
9
සිතුවත් බිය කරවන අර ත රයේ
වැටුණොත් එක්සිය සතිසක් නි රයේ
බලවත් දුක් වඳිනෙය කර ද රයේ
මඳකුත් පිනකට නැත අව ස රයේ
10
තිරිසන් ජාතියැ උපන්නත් පව් කො
අවසන් නොව බිය පචතියි පිට පි
මඳ සන්සුන් කමකුත් නැත හැම වි
සලසන්නේ කෙලෙසද සිත පින ක
11
උපනත් ප්‍රේතව පව් කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණක්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්
කලෙකත් පින් නොකළැති මැයි සිතුණත්
12
පව් මිස පිනකැයි නොකරන හැම ක
මුනිබණ නොපැවති පසල් දනව් ව
නිසි ලෙස උපනත් ලැබ දන මන ක
කිසි කලෙකත් කුසලක් නොකළැති බ
13
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක කය
තද අකුසල් කොට කුසලින් වැළ කය
දද ගොළු බිහිරිව ලදුවත් මේ කය
මඳ පිනකුත් නොපිරෙයි බල නිසැ කය
14
සිත මිස කය නැති බඹලොව සතරකි
සිත නැතිවම කය ඇති බඹ තලයකි
මෙද සත පින්කොට උපදින පෙදෙසකි
එහි උපනත් කුසලක් නොම කළහැකි
15
බළකොටුවන් තර මෙසසර නුවරේ
මුලැසටුවන් දලුලන පව් පඳුරේ
විෂ කටුවන් සගමොක් මඟ අතුරේ
මිසදිටුවන් අයටත් පින් නොපිරේ
16
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් ව
අඳු රෙක්මය සදහම් නැති මෙස ස
ඉඳු රා නොදැනෙයි පව් පින් තොර තු
සිදු නොකළැකි ඉන් සඟමොක් සිරි ස
17
සැබවින් බණ ඇසුවත් මුනිඳුන් කී
ගොළුවන් බිහිරන් සේ නොව සැල කී
ඉඳිනෙන් මිස තොප කුසලින් වැළ කී
මෙලෙසින් පින් නොකළැකි කල් අට කී
18
දිගු පුළුලින් සක්වල වන් සිඳු කු
සිය වසකින් උඩ එන කැස්බෑ හි
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැ
තව උපදින්නට බැරි මෙමිනිස් කු
19
කලකිනි බුදු කෙනෙකුන් උපදි න්නේ
දුකකිනි මිනිසත් බව ලැබග න්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරල න්නේ
සුදනෙනි කිම වීරිය නොකර න්නේ
20
පස්පව් කොට මෙතැනත් ලැබ සෝ කය
ගොස් නිරයේ දුක් විඳිති අනේ කය
රැස්කොට ඉන් පින් මෙ මිනිස් ලෝ කය
සිස් නොකරව් කලකින් ලත් මේ කය
21
කන්නන් මෙන් විස අඹ පල රි ස්සේ
මන් සන්තොස් කර කිම පල සෙ ස්සේ
දැන් දැන් එයි මරුවා පසු ප ස්සේ
ඉන් පින් මය කටයුතු නම් ද ස්සේ
22
ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උප දෙස
23
තැතකින් ගෙන දැමුවොත් කැට නුබ කු
අතරක නොරඳන මෙන් මේ බිම මි
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙ
නැත සිටිනා තැන් සතර අපා මිස
24
තිරව නොසිත කුණුකය වෙත මායේ
නොතිර බවට විදුලිය උප මායේ
නිතර මෙකය පවකට නොන මායේ
කරව කුසල් වීරිය නොප මායේ
25
අඳුරෙහි අස්ලොම විදිනා වරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් වරදී
සිදු නොකළොත් පින් සගමොක් වරදී
26
කොතැන වුණත් නැත මරු හට බාදා
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවෙන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සි නාදා
27
සැදැහත් තන්හට බව දුක් නොකැ මැති
යහපත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන්සිල් ගුණ සත නොනැ වති
පැයකුත් අවුරුදු දහසක් විත රැති
28
අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සි තන්නේ
කිකලද මහසෙන් මරු කැප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
29
කුමටද කාබී නිති සැරසෙ න්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
එම වද බව සයුරෙන් ගොඩ ලන්නේ
30
තෙරව සසර සයුරෙන් තෙපි නොල සා
තිරව ලබන මොක්සිරි සැප සක සා
තොරව පවින් නිතරම මුනි බණ සා
කරව කුසල් වීරිය පසු නො බැසා
31
හැමවිට පිනටම සිත පාදන්නේ
නිවනට මඟ එම වද සාදන්නේ
වැඩකට කී බස් කිම නාදන්නේ
නිරයට වන් කලදෝ තොප දන්නේ
32
මොක්සිරි දෙන මුනිඳුන්ගේ උපත කි
කප්කෙළ සිය දහසකිනුත් නොලදැ කි
පත්වූ එබුදුන්ගේ යුත් මෙකල කී
එක් වැරදුණ නැත පරලොව පිහිට කි
33
අත් වැඩ පරවැඩ සමව සිත න්නේ
මෙත් සිත සව්සත කෙරෙහි කර න්නේ
එත් බැරි නම් තොප සසර ගෙව න්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබ න්නේ
34
මස් නැති ඇට කටු බලු ලෙව කන්නේ
කුස් පිරුමක් පලයක් නොල බන්නේ
ලෙස ඒ සැපතෙහි සැප නොසි තන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ
35
මස් කැටියක් ගත් උකුසෙක් අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනසේ
පස් කම් රස ලොබ කලහොත් එමසේ
පස් විසි මහ බයකින් දුක් සැලසේ
36
සෙත සලසන මුනිබණ ඇති සුමිහිරි
ඇත තොපගේ කන් ඇසුමට නොබිහිරි
නෙත කරනට පිනකුත් මෙතොපට බැරි
සතර අපා දුක් වද විඳිනට බැරි
37
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උප දේසේ
නුදුන මැනවි තුන්දොර අව කාසේ
38
අදමින් ජීවත් වෙනවා විතරට
දැහැමින් මිස යනු සොඳමයි දනහට
මෙලෙසින් වදහළ මුනිබණ සිහිකොට
සැබැවින් පින්කොට පැමිණෙව් නිවනට
39
එකම සතකු තම මව් මළ දුක ටා
වෙනම ඇඬූ කඳුළේ බිඳු වල ටා
මෙහැම මුහුදු දිය අඩුවන කල ටා
තවම සසර ආලය ඇයි තොප ටා
40
ළිප ගිනි මොළවන තෙක් දිය සැ ළියේ
සැප යක් යයි කකුළුව දිය කෙ ළියේ
එපවත් තොප සියතොත් නොහැ කි ළියේ
සැපයක් නම් නැත කම් රස කෙ ළියේ
41
උඩු සුළඟට අල්වා ගෙන යන්නේ
තණසුළ නොදැමී නම් අත දන්නේ
වර පල යයි කම් රස තෙප ලන්නේ
එද කළ කම් නිරයේ සැප වන්නේ
42
පිරුළෙන් අරගත් අබරණ මඟුලට
දමමින් ගැතිවන අයමෙන් අනුන
පෙර පින් ඇති තෙක් විඳිනා සැපත
තෙපි දැන් උඩඟුව නොවදිව් නිරය
43
වදයට බැඳගෙන යන සොරු ටා
වද මල් දම්ලූ බෙර පිරි වර ටා
ලද ඉසුරෙහි ලොබ වූවොත් පින ටා
එද සැපතෙහි කල කම් මරු රව ටා
44
දැමුවෙන් ගිරි මුදුනෙන් හෙන සොරුටා
පවනින් කම් නැතිමෙන් ඇඟ ගිමටා
ජරයෙන් මැඬෙමින් යන මරු මුවටා
සැපතින් පලකිම් පව් කළ තොපටා
45
අලවන මේ කම් රස දොස විම සා
පලයව් තපසට පුළුවන් වය සා
පල රස ව්ඳ ගස උඩ උන් මිනි සා
මුල සිඳිනා තෙක් ඉඳිදෝ නොබැ සා
46
බණ නම් නිබොරුය මුනිවර ය න්නේ
කය නම් නොතිරය අදහා ග න්නේ
පණ නම් තණ අග පිනිබිඳු වැ න්නේ
පින නම් නොපමාවම කර ග න්නේ
47
අසන් මෙමා කී දේ වැඩ ඇති ව
පසන් සිතින් උන්නත් පව් කරමි
උපන් නොතින් මතු යක් බූ පිසසු
සයින් ඇවිද පිනකුත් බැරි එපවි
48
ලොබේ සිතින් පව් කම් කළ සතටා
ඉබේ ඉන්ට නොමදී සිතු රඟටා
හබේ කියති ගෙන ගොස් යම් රජුටා
ලැබේ නිරාදුක් පැමිණි එවිටා
49
තොසින් නොයෙක් සැප විඳ සමහර නිති
ඇසින්ම දැක පව් පින් කළවුන් ගති
බසින් කිවත් අදහා පින් නොක රති
ගොසින් නිරේ වැටුණොත් දුක් හිමි නැති
50
පින් පව් නොදැනම අනුවණ කම් කොට
කන් නන් මස් රස හොඳමයි කර තුට
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිර යට
දැන් එම ආලය අරිනේ අද සිට
51
කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මන රම්
ලාලා අබරණ රිසි ලෙස සැර සුම්
පාලා ගිය වැනි බහු රූ කෝ
52
මෙබස් තම නුවණින්ම විමසා නොතිරවූ කය ගති අසන්නේ
දෙතිස් කුණුයෙන් යුතුව මඳකුත් සාරනු බව නැණින් දන්නේ
මිනිස් බව ලත් තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ
සතිස් එක්සිය නිරේ වැටුණොත් එදයි අනුවණ කම් දැනෙන්නේ
53
පෙරත් ජාතිය පතාගත් දැන් හේතු බලයෙන් මෙතැන්නේ
ළඟත් වෙන් නොව සමඟ දවසැර උන් නමුත් සෙනෙහසින්නේ
පණත් යන කල තනිව ගෙයි උන් අයත් වෙන් වෙති බඳින්නේ
පිනුත් කළ නිති කැටුව යෙයි ගිය තැනේදි සැප විඳින්නේ
54
සාරනු කුණුකයක් ඇරගෙන කරන බහු නාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැර උන්නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එන සදේ
බාරවම සිටුවන්ට බැරි වෙද පිනක් කරගත්තොත් සොදේ
55
සරණ මුනිඳුගේ අදහ පිනකුත් නොකර ඉන්නේ කුමටදෝ
මරණ පැමිණෙන කලට යමයා අවුත් කැඳවා යන්ටදෝ
කරන සොඳකම් දන් පිනක් කළ කියනු නුවණින් සොඳවෙදෝ
කුමන අනුවණ කම් ද නෑයිනි අඬනු සිටුවා ගන්ටදෝ
56
අඩාලා කම්පාව උන්නත් ඉතින් දැක්මක් නොවන්නේ
තානාලා සිත පිනක් නොකරම කුමට උපයා තබන්නේ
දමාලා යන නරක කුණු කය කුමටදෝ සැප විඳින්නේ
දිනාලා සුරපුරට යන්නට ම කී මේ බණ අසන්නේ
57
සිටින ඇවිණ ගෙන මෙසසර බිළියේ
විඳින මෙසැප ජරයෙන් තැළි තැළියේ
දකින නැටුම් වැනි විදුලිය එළියේ
මෙදැන නොකර කුසලට කම් මැළියේ
58
දැන් පින් බැරි දේකැයි නොසි තන්නේ
අන් කළ පින් අනුමෝදන් වන්නේ
උන් කළ පින් සරි පින් ලැබ ගන්නේ
ඉන් වද සඟමොක් සැප සාද න්නේ
59
සයට වේද රසමුසු බත් කන්නේ
ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ
ලෙඩට බේත් මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි කියන්නේ
60
මානෙන් ඉඳිතත් මේ සැප පෙරු මය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරු මය
දානෙන් සීලෙන් නොකළොත් දරු මය
පානෙන් අඳුරට ගෙනයයි කරු මය
61
දරරැස ගිනි ඇවිළුණු කල නිබ ඳේ
ගිනි මිස දර යයි යන බස නොයෙ ඳේ
එම ලෙස එක්කොට වදහළ මුනි ඳේ
දුක මිස කයකැයි යන බස නොයෙ දේ
62
ඉඳිතොත් බෝ කල් ජරයෙන් විසිරේ
නැතහොත් වැද යයි මරුමුව කුහරේ
මෙමහත් ජරමර දෙදෙනා අතරේ
මෙසැපත් සැපයයි ගනිදෝ කවරේ
63
අසල් ගෙයක සොරකම් ගිය දවසෙ
කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැ
සියල් සතුන් මරු ගෙන යනු දැක දැ
කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැ
64
ගඟ යන ඇත්කුණ ඉඳ මස් රස ටා
සිඳු මැද වැද වැනසුණු මෙන් ටා
ලද ඉසුරෙහි ලොබ කලහොත් තොප ටා
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩ ටා
65
පර සතුරන් එති එති යන බසටා
ඇර අඹු දරුවන් යන තොප වලටා
ගොර ජර මරු එනු දැක දැක වෙතටා
පර මාදව ඉන්නේ ඇයි පිනටා
66
ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ
ළඟ කළ ඔරුවට නොනැඟෙන ලෙසිනේ
සග මොක් දෙන බණ අදහා නොගෙනේ
දුග තිය වැද තොප කිම දුක් විඳිනේ
67
ශිල්ප නැටුම් සේවාකම් පා තද
අල්ප දෙයක් උදෙසා විඳිනේ වද
ශිල්ප හදා රැක්කෝතින් තතු ලෙද
කල්ප දහස් සුර සිරි විඳිනේ වෙද
68
උන්නත් නැඟී සිටිනට බැරි තී රුව
සිටියත් ඉඳිනට බල නැති මා රුව
ජරපත් වූ කල නොතිබෙයි මේ රුව
කරතොත් කරගත් දන් පින් සී රුව
69
මුන් හැම අඹු දරුවන් උපදි න්නේ
පින් බලයෙන් බෝකල් පවති න්නේ
උන් කළ පින්මය උන් රඳව න්නේ
ඉන් සිත ලොබමය තොප පවති න්නේ
70
ශීල ගුණේ පිහිටාගෙන නොයි දේ
ආලය කර රකිනා තොප නිබ ඳේ
බාල පියඹු දරුවෝ නම් මෙස ඳේ
බාල කලට කෙළිනා උතු වළඳේ
71
ක් ගෙන රැස් කළ දන හැර කැමතී
නික් මෙන නිරයට නරයන් සිරිතී
දුක් දෙන අඹු දරුවන් නිති රකිතී
මොක් දෙන පිරිසිදු සිල් නොම රකිතී
72
නොලදත් අහරක් සා දුක් දුරු කොට
නැතුවත් කඩ රෙද්දක් එක පට කට
බලවත් නිරයේ තද දුක් සිහි කොට
මඳකුත් පසු නොබසිව් තෙපි පින කට
73
නසතොත් සිත ලොබ අනුවණ දොසමය
වසතොත් සැදැහැත්තන් ඇති දෙසමය
දෙසතොත් සගමොක් දෙන උප දෙසමය
අසතොත් මුනිඳුන් වදහළ බසමය
74
වැනුවා නම් බුදු ගුණ වැනුවා මය
තැනුවා නම් තම සිත තැනුවා මය
දෙනුවා නම් දන් පින් දෙනුවා මය
දිනුවා නම් පරලොව දිනුවා මය
75
අසතොත් නිවරද මුනිඳු තෙපුල් මය
හරිතොත් නොතබා දස අකුසල් මය
රකිතොත් සිත පිරිසිදු කොට සිල් මය
දනිතොත් මෙසියල්ලට මේ කල් මය
76
මෙස සර රුක දුක් විස පල ගත් අතු
ලෙස ඇති වෙති පව් සිය පලයෙන් යුතු
තොස වඩමින් ඉන් බැහැර නොලා සිතු
දස අකුසල් පල අසව මෙයින් මතු
77
බුදු ගුණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පර පණ නැසුවොත් කවර උ පායේ
අපමණ දුක් දෙයි සතර අ පායේ
78
මැඩියන් නයිමුව ගොදුරුව ඉඳයා
පණුවන් කන මෙන් රස විඳ විඳයා
සැලෙමින් ජර ගොර මරුමුව වැදයා
බලමුන් පර පණ වනසන ලෙදයා
79
බලයෙන් වත් කිසියම් සොර සිත කින්
සියතින් වත් දැන්වූ උප දෙස කින්
පරසන් තක දෙය ගත සොරකම කින්
නිරයෙන් නිරයට පැමිනෙයි එතෙ කින්
80
ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොනැ වත
ඉඳිනා කල කිකලෙක වේදෝ සෙත
81
අසුකොට ගත නොතබති ආදාර
වදකොට මැරුවත් නැත එවිචාර
ලඝුකොට නොසිතව් පව් පරදාර
නිරයට ඇදයට යන එම පාර
82
අසවාම කියන බස් අර තරයේ
මුසවා බස් කීවොත් එක මුරයේ
වසවා දෙව් ලොව යන මං තරයේ
පැසවා මිස නාරී ගොර නිරයේ
83
පලදෙන පව් පින් දෙක නොබලාමේ
පවසන බස් උරසක් මාලාමේ
බිඳුවන බස් වැඩ නැති කේලාමේ
මතුවන දුක් නොදැනෙන වේලාමේ
84
ඇවිස නොකියන බස් කනට යවුල් ලෙස
සිතස තොසින් කිය කියතොත් පිය බස
පරුස තෙපුල් බිණුවා නම් මහ දොස
එවිස නොයයි පරලොව දුක් දී මිස
85
පෙර සිට වියතුන් නොකියා වැළ කී
දෙලොවට වැඩ නැති බස් අකුසල කී
කෙළියට වත් ඒ වැඩ නැති බස කී
නිරයට වැද යන රජ මහ වත කී
86
අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
මන් කළ ඒ සිත අටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විඳිනේ
87
රිසිනු දනහට කර කෝ දේයා
නසි වයි යන සිත වෑපා දේයා
බසිනා නිරයට ඒ පා දේයා
කිසි කලෙකත් ඒ ඒ පා දේයා
88
නිවනට මඟ මේ යයි මුනි කී යම්
දහමට වෙන් වූ දෙසැටක් සම යම්
සරිකොට ගත් සිත වෙයි මිස දිටු යම්
සසරට බිජුවට මයි ඒ සම යම්
89
නොයෙකී රස බිම නිඹ බිජුවට ල
එමැකී සිටිනෙය තිත්තම පල ග
මෙමැකී මිසදිටු අදහස් ඇති ස
කලකී දෙය අකුසල් මිස පින් නැ
90
නට සිල් මිසදිටු ගත් අය නිය තී
අට ගත් කප් ගිනි කඳ මැද පැසෙ තී
අට මහ නර කය පැසුණත් නොමැ තී
පිට සක්වල එක් පෙදෙසක් පැසෙ තී
91
මේ දස අකුසලිනෙකකුත් කළ හොත්
උවදෙසකින් බසකින් කර වූවොත්
එවිගස එක් අදහස සිතු වොත්
නොනැවත මොහු හැමදෙන නිරයට යෙත්
92
කරදර දස අකුසල යෙන් නොමිදී
වැරසැර පෑවොත් මෙමිනිස් ලොවදී
මෙරගිර මුදුනින් හුනුමෙන් නොරැඳී
පරතෙර නැති දුක් සයුරේ කිමිදී
93
බුදුවත් මෙතැකැයි නිකියැකි පිරි සිඳ
බලවත් මහ දුක් විඳුවන හැම සඳ
සිතුවත් බියවන අටමහ නිර යද
ඔසුපත් සහ එක්සිය සතිසෙක් වෙද
94
තෙසියක් තෙප් මුව වැඳ සිදුරුව ගත
දවසක් මිනිසකු විඳි දුක් නිනැ වත
මොහොතක් නිරයේ විඳු දුක් සම වත
අබැටක් හා සරි නොවේදෝ හිම වත
95
පෙර අඟනක් එක් එළු දෙනක ඉස සිඳා
සිය ලඟ වැළදී ගිනි දැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණ නේ ඉස් කැපුම් ලඳා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙඳා
96
කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ
එළි කොට නැවත දුන් මිනිසෙකුට මෙත කිනේ
විළි වැස්මක් නොමවිය දෙව් වුවත් අනේ
කෙළියට වත් නොකරව් සොරකමක් දැනේ
97
නොනැවති අයෙක් පෙර පරදර පව් කැමතී
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙතී
හිම්නැති තවම ලොහොකුඹු නිරයේ පැසෙතී
නොකෙරෙති මෙපව් නුවණැති අය වැඩ කැමතී
98
ළැදිව රජෙක් බොරු බස් කී විගස කයා
නැතිව රද්දී බලයත් ඒ මිනිස් කයා
පොළව පළාගෙන ගොස් වැටුණි නර කයා
මෙලොව සතුනි ඉන් බොරුකීම නර කයා
99
පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් සිට
100
පෙර මහණෙක් සඟගණහට බැණ නපුරු
නිරයේ වැටී බිම සත් ගව් වැඩෙන තුරු
ගොර දුක් විඳි තව පේතව සිට කුරිරු
පර හට එයින් නොකියව් බස් නොපිය කරු
101
කීවොත් වැඩක් නැති බස් ගොර නිරා ගැබේ
මහත් කුරිරු දුක් විඳ යළි අවොත් මොබේ
කීවත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ
102
අන්සතු දෙයක් වේවයි සිතුව තම හට
ඉන් දුගතිය දුක්විඳ අව මේ ලො වට
උන් සිතුවත් සිදු නොමවෙයි ඒ ලෙව සට
මින් මතු සිතක් නොසිතව් එවැනි පව් කට
103
බෝවා දහස් පැසවන නිරය වෙන වෙන
වෑපාද නම් රුදු මත බව නපුරු වන
ආබාධ දුක් විඳවන උපනූපන් තැන
වෑපාදයක් නොසිතව් දැන දැන සිතින
104
කලක් නිරා දුක් විඳ විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිටු
උදක් නුවණ නැතිවේ සිත වෙයි කිලුටු
මෙවන් පටන් විසමෙන් සිතනු මිස දිටු
105
බවයෙන් බවයෙහි හෙළමින් නොයෙකී
තොප දැන් විඳිනා දුක් දැන නිසැකී
සසරින් ගොඩ නැඟුමට මුනිඳුන් කී
ලෙස පින් පවසමි ඇසුවොත් යෙහෙකී
106
අන් හට අලසව නොකොට වි දානය
පින් මිස අනිකක් නොකොට ප දානය
තුන් සිත පිරිසිදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නි දානය
107
ඇතුළට වැද ගෙය අවිළෙන ගින්නේ
පිටතට හළ බඩුමය වැඩ වන්නේ
මෙසිතව ගෙන ලොබ නොව දන් දෙන්නේ
තම හට එම වද මතු පල දෙන්නේ
108
බුදිනට ගත් බත් පිඬ මිස වෙන නැත
යදිනට දන් දෙව මතු දුක් නොවි ඳිත
මෙමහට ඇති ඉතිරිය දෙමි යන සිත
සැමරට රජ සිරි සැප ලදුවත් නැත
109
පින් නොකරන දුදනන් බස් නාදා
තුන් දොස් මල දුරුකර සිත පාදා
පන්සිල් නිති අටසිල් රැක පෝදා
ඉන් මොක්පුර පැමිණෙව් නොව බාදා
110
ලොල් සිත මුල් සිඳ නිති තැන් සිතිනේ
සිල් පිරි සිදු කොට සඳරැස් ලෙසිනේ
වල් රකිනා සෙමරක මෙන් රකිනේ
කල් නොයවා ඉන් මොක් සිරි ලබනේ
111
වෙත්වා සව්සත හැමකල් නිදුකී
පත්වා සැපතට බවදුක් වැළකී
යෙත්වා සමගිව නිවනට මුනිකී
මෙත්වා වනනම් වැඩිපින් කමකී
112
යහපත නිසිතන සැටි මේ දනයා
කිසිසත උනුනට දෙති වේ දනයා
හැමසත වෙත කළ මෙත් බා වනයා
සැක නැත සගමොක් සැප සා දනයා
113
දෙන්නන් ණය දුන් රන් සේ පොළියට
දුන් දුන් සේ තම කළ පින් අනුනට
එන්නෙත් දියුණුව තියුණුව තමහට
දැන් මන් නුකුසී වව් පින් දීමට
114
මුණිඳුන් බණ පද කරවා පුහුණු
දෙසමින් දනහට වඩවා කුලුණු
එපිනෙන් නොපැමිණ නිරයට දරුණු
ලැබගත් මතු සඟ මොක් සිරි දියුණු
115
දිවමන් මුනිඳුට මෙන් මන් තො සවා
බණ දන් නන් හට වැඳ අත් ඔ සවා
පදයෙන් පදයට අදරින් අ සවා
එපිනෙන් නිරයට යන මං ව සවා
116
දුරුකොට හැම විට සිත ඇති මානේ
ගරුකොට වැඳ වැඳ දුටු තෙක් මානේ
මුණිඳුට පුද කළ බත් මල් පානේ
සත හට සග මොක් මඟ එම පානේ
117
ඇත ලොව වන පස මල් හැම දවසා
කොතනක පිදුවත් මුනිඳුන් උදෙසා
සිත මෙව් තර පිනටත් නොම සලසා
සත සසරින් ගැලවෙන්නේ කෙලෙසා
118
මුනි පුත් සඟ ගණ මව් පිය ගුරු වර
ජර පත් කුලදෙටු ගිලනුන් තව සර
රැක සිත් සේ කළ අත්පා මෙහෙ වර
සුව පත් කර සිරි විඳුවයි සුර පුර
119
ලොව ඇත්තන් නුවණින් විමසා දැක
හිත නැත්තන් යයි නොසිතා වෙන සක
ගුණ ඇත්තන් ගුණ කීම නොවී සැක
නුව ණැත්තන් පින් කරන උපා යක
120
ගොඩලමිනේ සත්වග බව දුකිනේ
ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ
තුනුරුවනේ ගුණ සිහි කළ සිතිනේ
නැත විඳිනේ දුක් සසරෙහි ඉතිනේ
121
පින් මිස නෑයන් වන පිහිටක් නැත
උන්ගෙන් මතු හිමිවන දෙයකුත් නැත
ඉන් මතු අදහා සිහි කරතොත් සත
අන් කුසලක් නොකලොත් මෙ දේ ඇත
122
කුරුපණ අවයෙහි ඉපදුම් නැති කොට
අපමණ සැප සපයා දෙන සැප සත හට
බුදු බණ ලෙස පැවතුම් බැරි මෙතො පට
තිසරණ මිස පිහිටක් නැත සස රට
123
පුරවා සත් රුවනින් මුළු දෙරණය
කරවා පායක් බඹලොව පමණය
බඳවා රන් දද ලා මිණි තොරණය
දෙනවා ටත් වැඩි පින් බුත් සරණය
124
අසමින් මෙදහම් අලසව නොයිඳේ
පුරමින් මෙසියලු පින්දම් නිබඳේ
කෙලෙසුන් මුල් නොතබා සිත පසිඳේ
ලැබගත් මොක්සුව මතුදුක් නිවිඳේ
125
සිඟපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එකම සැන් දක
බලවත් එයින් සුරපති විය ඉන් දක
නැණවත් කරව් පින් දන් පල මෙයින් දැක
126
දවසක් පමණ සිල් රැක කුළඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් සුරිඳු ළඟසිරි විඳ නිරන් තරා
විගසත් එසිල් තොර නොරකව් සිතින් දරා
127
කෙලෙසුන් කෙරෙන් තොරකර සිතූ තනාමය
නිදුකින් ලැබෙයි බඹලොව සැප මනාමය
දුදසුන් නිවන් දෙයි මරසෙන් දි නාමය
පිනකින් උතුම් පින නම් බාව නාමය
128
කළ පින් දීම නම් තම සිත සතුටු කොට
බැඳි රන් හිණෙකි දෙව්ලෝ සයට නැඟු මට
නැඟි පුන් සඳෙකි අව බිය ගිම් නිවී මට
නිති පින් එයින් දෙව දුටු දුටු දනන් හට
129
දන් දෙන සඳෙහි දෙව්රම් වෙහෙර මුනි ඳුට
පින් අනුමෝදන්ව මිනිසෙක් එතැන සිට
පින් ලැබ ගතිය වැඩි කරමින් එසිටු හට
ඉන් දුන නොදුන කිම අනුමෝදනා වට
130
මින් ලබමියි නොසිතා කිසි උපකර
මුන් සසරින් ගොඩලමි යන කර කුලුණ
පින් පව් දෙකම නොවරදවා කිවොත් බණ
ඉන් තොප විඳින සැප මෙතෙකැයි නැත පමණ
131
බුදුන් දෙසන බණ මිහිරෙත්ම සිත තැනී
පසන්ව උන් මැඩියෙක් කැවිටකින් ඇනී
එයින් මිය තිදස ලද ඉසුරු බෙහෙ විනී
මෙවන් දහම් ඇසුමට මැළි නොවව් දැනී
132
දුක් පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී
එක් දා ගැබෙක දිය මෙරලිය මලක් පිදී
සක්විති සැපත් ඉන් පන්තිස් වරෙක ලදී
දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී
133
වෙස්සබු මුනිඳු දැක එක වරෙක වැන්දේ
තිස් එක කපෙක දුගතිය දුක් නොවින්දේ
තොස් වඩවන සුරනර ඉසුරු වින්දේ
සෙස්ස නැතත් මෙකුසල් බැරි කුමන්දේ
134
කලහොත් සිල්වතුන් හට නිති වතා වත
දුටු සත් කෙනෙක් වෙති ඕ හට ඉතා හිත
නැණ ඇත්තවුන් සාදන පින් වතා වත
ඉමහත් පිනකි දැන ගතිතොත් හිතා හිත
135
පින්කම් කරන අය ඒ දියුණුවන ලෙස
මන් සන් තොසින් එහි ගුණ කියත ඇති ලෙස
උන් උප නූපන් තැන පැතිරෙයි ලොව යසස
පුන් සඳ පහන් වූ මෙන් අදහව් මෙබස
136
තිසරණ ගත් එක් මිනිසෙක් එක් කලෙක
නොපැමිණ දුගතියට සිට කප් එක් තිසෙක
අපමණ සැපත් සගමොක් සිරි ලදි නිසැක
එසරණ නොගෙන තොප විඳිනේ මෙ දුක
137
අනුවණ කමින් සිහි නොකරනු මිස සතත
අසරණ තොපට පිළිසරණෙක්මය නියත
බුදුගුණ සිතින් එකඟව සිහි කරන හොත
අපමණ සැපත් සිදුවෙයි සැක නොකර සිත
138
ලොවට උතුම් මුනි රජුගේ ගුණ විපුල
සිතට රැගෙන සිහි කළ නුවණින් නිමල
සතට නොවී කලෙකත් බව දුක් අසල
යසට එයින් සිදුවේ සිරි සුබ මගුල
139
නොදන්නවුන් හට පව් පින් නියම කොට
බඳ ලෝවැඩ සඟරා පිනෙනි හැම විට
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වැද සව්සත සැනසේවා මොක් පුරට
140
වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ
සාදාරණව පැවසූ මෙත් සිතින් නඳ
බාදා නොවී මොක් දැකුමට බැඳි මෙපද
පාදා සතුන් සිත පවතීවා නිබඳ

Add a Comment

Your email address will not be published. Required fields are marked *