පිටසක්වළින් පෘථිවියට රිංගන අමුතු කිරණ විශේෂයක්

අන්තරීක්ෂ කිරණ ‘කොස්මික්’ කිරණ (Cosmic Rays) ලෙසත් හඳුන්වනවා. මෙය පිටත අවකාශයෙන් පැමිණෙන සංකීර්ණ වූ, බොහෝකොට විනිවිද යන්නා වූ ඉතා කෙටි විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්. ප්‍රාථමික හා ද්විතීය අංශ වශයෙන් දෙවර්ගයක්.

ප්‍රාථමික අංශුවල විශේෂය නම් ඉහළ වායු ගෝලයේදී පරමාණු සමඟ ගැටී, බිඳී ද්විතීයික අංශු බවට පත්වීම යි. සරලව කියතොත් මේ කියන කිරණ අංශු වායුගෝලයට ඇතුළු වෙනවාත් එක්කම වායු අණු න්‍යෂ්ටි සමඟ ගැටිලා න්‍යෂ්ටික පෘථක්කරණය ඇති කිරීමයි. එනිසා මෙම කිරණ පෘථිවි වායු ගෝලය තුළදී මුළුමනින්ම වෙනසකට බඳුන් වෙනවා.

මෙය හඳුනාගත්තේ 1909දී ස්විස් ජාතිකයකු වන ගෝකල් විසිනුයි. ඔහු අපූරු සොයා ගැනීමක් මඟින් මෙය ඔප්පු කළා. ඒ තමයි ඉහළ අහසේදී විද්‍යුත් දර්ශකය වඩාත් වේගයෙන් විසර්ජනය වන බව සොයා ගැනීමයි. ඔහු ඒ සඳහා විද්‍යුත් දර්ශකයක් ඉහළ අහසට ගෙන ගියා. මෙකී සොයා ගැනීම ලෝකය විවර කළා. එතෙක් තිබුණු මතය වූ අ’යනීකාරක විකිරණ තිබෙන්නේ පොළොවේ කබොල්ලේය’ යන අදහස බොරු වුණා. පසුව සිදු කෙරුණු පර්යේෂණ මඟින් ගෝකල් කියන දේ ඇත්තයි කියලා තහවුරු වුණා.

මිල්කන් තමයි මේවා අන්තරීක්ෂ කිරණ විදියට හැඳින්වූයේ. තවත් සමහර විද්‍යාඥයන් කියන දෙයක් තමයි අන්තරීක්ෂ කිරණ බිහිවන්නේ සූර්යයා තුළදී බව. නමුත් මේ මතය තවමත් විවාදාත්මකයි.

නමුත් පර්යේෂණ රැසකින්ම හෙළිවෙලා තියෙන විදියට නම් මෙම කිරණවලින් වැඩි ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයට පිටත සිට පැමිණෙන බව කියැවෙනවා. ඒ නිසා දුරස්ථ බව නිසාදෝ මේවා ‘ගැලෙක්සීය අන්තරීක්ෂ කිරණ’ විදියටත් හඳුන්වනවා. මින් 25% ක්ම ප්‍රෝටෝන බවත් ඉතිරි කොටස ඉලෙක්ට්‍රෝනවලිනුත් වඩා බර ඇති න්‍යෂ්ටිවලින් නිර්මිත බවත් කියැවෙනවා.

මේවා මුලින්ම හඳුනා ගත්තේ ගයිගර් ගණකය ඇසුරෙන් අයනීකරණ කුටීර ආධාරයෙනුයි.

මේ නිසා එහි ප්‍රභවය ගැන අලුත් දැනුම එකතු වුණා. ඒ නිසාම විශ්වයේ උපත ගැන තිබුණු මතද වඩ වඩාත් විවාදයට බඳුන් වෙලා. 1950 වෙද්දී මේ ගැන ලොව ලොකු උනන්දුවක් ඇති වුණා. එහි ප්‍රතිඵලය තමයි “අඩු ආයු කාලයක් ඇති උප පරමාණුක අංශු අන්තරීක්ෂ කිරණ සංඝට්ටනවලදී බිහි වෙනවා” ය යන්න මතය ඉස්මතු වීම. ඒ නිසා විද්‍යා දැනුම සොයා යන දරුවන්ට ඛ්ධඵථඪජ පචරඵ යටතේ තව දැනුම ලබා ගන්න ඉඩකඩ දැන් විවෘතයි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *