දෙවතාවක්ම ‘අබිං’ නිසා මරා ගත්ත රටවල්

චීන ඉතිහාසය හදාරන කෙනකුට ‘අබිං යුද්ධය’ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය ඒ තරමටම ලෝක ඉතිහාසය ගවේෂණය කරන්නන්ට වැදගත්ය. මේ කියන අබිං යුද්ධය ඇතිවෙන්නේ චීනුන් හා ඉංග්‍රීසින් අතරය. ඒ 1839 සහ 1842 අතර කාලය තුළය.

මේ යුද්ධයට ‘අබිං’ නම ගෑවීමත් ඊට හේතුවත් වැදගත්ය. චීන පාර්ශ්වයේ කරුණු දැක්වීමට අනුව නම් “මේක තනිකරම අබිං නිසා හටගත් අර්බුදයක්. ඒ අර්බුදය ඇති කළේම ඉංග්‍රීසි ජාතිකයන්” බවය. එහෙත් ඉංග්‍රීසින් කියනුයේ “චීන්නු අපේ ගෞරවයට හානි වන විදියට කටයුතු කළා. ඒ නිසයි යුද්ධයක් ආවේ” ය කියලාය.

එහෙත් මෙම යුද්ධයට ආසන්නතම හේතුව වශයෙන් පිළිගැනෙන්නේ ඉංගී්‍රසින්ට අයත්ව තිබූ විශාල අබිං තොගයක් චීනුන් විසින් විනාශයට පත් කරනු ලැබීමය. මෙකල අබිංවලට විශේෂ තැනක්, කතාබහක් ලැබුණු කාලයක් වීමත් විශේෂත්වයක් ගනී. මේ සමයෙහි චීනය පුරා අබිං වසංගතයක් සේ පැතිර ගොස් තිබිණි. එය දුශ්චරිත ඇති කරන්නට සමත් වන බැව් කියා චීන අධිරාජ්‍යයා අබිං චීනයට ගෙන ඒම මුළුමනින්ම තහනම් කර තිබුණේය. එහෙත් අබිං වෙළෙ¼දාම ජයටම මෙකල කරගෙන ගියේ ඉංග්‍රීසින් විසින්ය. තහනම් වීමත් සමඟම අබිං “හොර භාණ්ඩයක්” බවට පත්විය.

චීන අධිරාජ්‍යයා අබිං තහනම වෙනුවෙන් විශේෂ නිලධරයකුද පත්කර තිබුණේය. ඒ අනුව 1839දී බි්‍රතාන්‍යයන් සතු අබිං තොග බලහත්කාරයෙන් අල්ලාගත් අතර අල්ලාගත් අබිං විනාශ කර දැමිණි. බි්‍රතාන්‍යයන් ඉන් මහත්සේ කෝපයට පත්වූහ.

සටන පටන් ගත්තේ 1839 නොවැම්බර් 3දා බි්‍රතාන්‍ය නාවික හමුදාව විසින් ‘චෙනුපි’ නම් ස්ථානයෙනි. එය 1842 අගෝස්තු 29දා ‘නැන්කිං සාම ගිවිසුම’ මඟින් අවසන් කෙරිණි. එහි පාඩුව ගෙවන්නට වූයේ චීන්නුන්ටය. බි්‍රතාන්‍යයන්ගේ අධිපතිවාදී බව කෙසේද යතොත් අවසානයේදී චීනුන්ට අයත් හොංකොං දූපතද බි්‍රතාන්‍යයන්ට පවරා දෙන්නට සිදුවිය. එයින් තවත් වාසි හදාගන්නට බි්‍රතාන්‍යයෝ සමත් වූහ. ඒ අනුව චීනයේ වරායන් කිහිපයකම වෙළෙ¼දාම් කිරීමේ අයිතියත් බි්‍රතාන්‍යයට හිමිවිය.

එයින් මේ කියන අබිං කතාව කෙළවර වන්නේ නැත. දෙවනුවද අබිං යුද්ධයක් හටගත්තේය. ඒ 1856දීය. එය 1860 දක්වා පැවැතිණි. එය ඇරඹුණේ බි්‍රතාන්‍යයන් විසින් චීනයේ කැන්ටන් නම් නගරයට පහරදීමත් සමඟය. ඒ සඳහා ඊට ප්‍රංශයේ සහායත් ලැබුණේය.

1842දී චීනය විනාශ කළ අබිං වෙනුවට වන්දි ගෙවීමට සිදු වූ, නැන්කිං ගිවිසුමෙන් පසු බි්‍රතාන්‍යයන් විසින් වෙළෙ¼දාම යහමින් කරගෙන ගියේම ආර්ථික වාසි තකාගෙන. චීනයේ අභිමානයට පටහැනිවය. ඒ නිසාම චීන අධිරාජ්‍යයා හා ඉංග්‍රීසින් අතර දැඩි මතභේද හටගත්තේය. ඉංග්‍රීසින්ම ඇති කළ අර්බුදයම ඔවුහු වාසියට හරවා ගත්හ. එයම රට තුළ අභ්‍යන්තරව නොසන්සුන්තාවක් ඇති කළේය. මෙම තත්ත්වය වර්ධනය වීම නිසාවෙන් ඉන්පසු ඉතිහාසයේ දරුණුම කැරැල්ලක් බවට එය පත්විය. බි්‍රතාන්‍යයෝ එය වාසියට හරවා ගන්නට හතර අතින් වෙහෙස ගත් අතර එය තව තවත් රට අවුලින් අවුලට ඇද දැමීමක්ම විය.

එහි ප්‍රතිඵලය නම් තවත් වතාවක් යුද්ධයක් ඇතිවීමය. එයින්ද වාසි අත්වූයේ බි්‍රතාන්‍යයන්ටය. ඒ 1858 දී අස්සන් කෙරුණු ටීන්ට්සින් ගිවිසුමෙනි. එම ගිවිසුම චීනයට අවාසියක්ද බි්‍රතාන්‍යයට වාසියක්ද ගෙන දුන්නේය. පහර දුන් එකාට වන්දිත් වැඩි ආර්ථික වාසිත්, සූරා කෑමට ඉඩත් සැලසිණි. ගුටි කෑ චීන්නු වන්දිත් ගෙවා ආර්ථික අවාසියක් මෙන්ම සමාජමය විපත්තිකර තත්ත්වයක්ද ප්‍රතිඵල ලෙස ලබා ගත්හ. එහෙත් අද චීනුන් ඉහළට එසැවී බි්‍රතාන්‍යයන් ආර්ථික අතින් බංකොලොත්වන, පල්ලම් බහින තැනකය. හෙට අනිද්දා චීන්නු ආර්ථික අතින් ඇමෙරිකානුවන්ද පරදවනු නිසැකය.

– උපුටාගැනීමකි – මවුබිම

Add a Comment

Your email address will not be published. Required fields are marked *