දෙවන ලෝක යුද්ධය

මානව ඉතිහාසය තුල සිදු වූ විශාලතම සංග්‍රාමය කුමක්දැයි ඔබෙන් කෙනෙකු ඇසුවොත් දෙවන ලෝක යුද්ධය ඔබගේ මතකයට පැමිණෙන්නේ නිතැතින්මය. නාසි ජර්මනිය, ඉතාලිය සහ ජපන් අධිරාජ්යය මූලික කොට සෑදුනු අක්ශීය බලවතුන් සහ සොවියට් රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්යය එක්ව නිර්මාණය වූ මිත්‍ර පාර්ශවය අතර ඇති වූ මහා සංග්‍රාමය මෙනමින් හැන්දින්වේ. මිලියන 50ත් 80ත් අතර මහා ජන සංහාරයක් වනසා දැමුනු ඒ යුද්ධය ආරම්භ වුයේ ඇයි?

වර්ශ 1937 වන විට ජපාන අධිරාජ්යය චීන සමූහාණ්ඩුවට එරහිව යුද්ධය අරඹා තිබිනි. නමුත් ඉතිහාසඥයන් විසින් සලකනු ලබන්නේ 1939 සැප්තැම්බර් පළමු වන දින නාසි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක ‍යුද්ධය ආරම්භ වූ බවයි. ලෝක ඉතිහාසය තුල දියත් වු විශාලතම යුද මෙහෙයුම් අතරින් එකක් වශයෙන් මෙම ආක්‍රමණය හැඳින්විය හැකිය. මිලියන 1.5ක පමණ ජර්මානු පාබල හමුදා සෙනාංක ගණනාවක් පොලන්ත දේශසීමාව ආක්‍රමණය කරමින් ඉදිරියට පැමිණි අතර ඒ හා සමගාමීව “ලුෆ්ට්වේෆ්” ජර්මන් ගුවන් හමුදාව, පෝලන්ත ගුවන් හමුදා කඳවුරු වෙත බෝම්බ දැමූහ. මේ අතරම ජර්මන් නාවික බලඇණි කිහිපයක් යුද නැව් සහ U බෝට්ටු යොදාගනිමින් බෝල්ටික් මුහුද හරහා පෝලන්ත නාවික කඳවුරු වෙත් පහර දුන්හ. ජර්මනිය විසින් මෙම ප්‍රහාරය තම ආරක්ශාව උදෙසා ගත් පියවරක් ලෙස හැඳින්වුවද බ්‍රිතාන්යයට සහ ප්‍රංශයට එම පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවීය. ඔවුන් ජර්මනිය විශ්වාස නොකල අතර 1939 සැප්තැම්බර් 3 වන දින් එක්ව ජර්මනිය එරහිව යුද ප්‍රකාශ කලහ.

එතැන් පටන් වසර 6ක් පුරා පැවැති යුද්ධය මිලියන 60ක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගනු ලැබිනි. මුල් කාලීනව සොවියට් රුසියානු සමූහාණ්ඩුව මෙම සංග්‍රමය සඳහා මැදිහත් වීමෙන් වැලකී සිටියහ. ඊට හේතු වුයේ නාසි ජර්මනිය සහ සෝවියට් සමූහාණඩුව අතර පැවැති අවබෝධතා ගිවිසුමයි. පසු කාලීනව ජර්මනිය විසින් මෙම ගිවිසුම කඩකරමින් සොවියට් රුසියාව ආක්‍රමණය කිරීමට පෙර, රුසියාව මෙම යුද්ධය සඳහා කිසිදු පාර්ශවකට සහය නොදැක්වීය. 1939 අගෝස්තු 25 අත්සන් කරන ලද මෙම ගිවිසුමෙහි මූලික පරමාර්ථය වුයේ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරන විට ඊට සහයට සෝවියට් රුසියාව මැදිහත් වීම වැළැක්වීමයි. එමෙන්ම පොලන්ත භූමිය රුසියාව සහ ජර්මනිය අතර බෙදා ගැනීමට තීන්දු විය. නමුත් පෝලන්තය ආක්‍රමණය කිරීමේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ සැබෑ අරමුණ වූයේ පෝලන්තය ආර්ය වාර්ගික ජර්මනිය අතට ගැනීම සහ ඒ වනවිට එහි වාසය කල බටහිර යුරෝපීය වැසියන් වහල් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමයි. එම නිසා ගිවිසුම කඩ කරමින් මුලු පෝලන්තයම ජර්මනිය විසින් යටත් කරගනු ලැබීය.

මෙලෙස ඉතා කෙටි කලක් තුල ඇරඹුනු දෙවන ලොක යුද්ධය නිම කිරීමටනම් මිනිස් ජීවිත මිලියන ගණනාවක් සහ වසර හයක දීර්ඝ කාලයක් අවශ්‍ය විය. එමෙන්ම යුද්ධය ලෝකයේ දේශපාලන මුහුණුවර මුළුමනින්ම වෙනස් කල අතර චෙකොස්ලෝවැකියාව වැනි රාජ්‍යයන් මුලුමනින්ම අතුගා දැමීය .

Add a Comment

Your email address will not be published. Required fields are marked *