චීන මහා ප්‍රාකාරය (Great Wall of China)

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් (Qin Shihuang) විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය (Ming dynasty) තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

ක්‍රි.පූ. 5 සිට ක්‍රි.පූ 221 දක්වා කාලය තුල චීනය  Qin, Wei, Zhao, Qi, Yan සහ  Zhongshan ලෙස රාජ්‍යය වලට වෙන්වී පැවතුනි. එම කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගැනීමට පුරුදු විය. සතුරාගෙන් එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රහාර වලදී සතුරාට මුහුණ දීමට මෙම ප්‍රාකාර ඉදි කිරීම ඉතා වැදගත් ‍විය. ක්‍රි.පූ 221 දී අනෙක් සියලු රාජ්‍යයන් පරාජය කල Qin රාජ්‍යයේ පාලකයා වූ Zheng (Qin Shihuang) රජු, චීනය එක්සේසත් කර Qin රාජවංශයේ (Qin dynasty (221–206 ක්‍රි.පූ) පලමු අධිරාජයා බවට පත් විය.

මොහු කලින් රාජ්‍යයන් වෙන් කෙරන සේ ඉදි කොට තිබූ ප්‍රාකාර කඩා දමා එවායේ සමහරක් තැන් ද එකවන්සේ තමා අධිරාජ්‍යයේ ආරක්ශාවට ප්‍රාකාරයක් ඉදිකිරීම ඇරඹිය. උතුරින් සියොන්ග්නු (Xiongnu) ගේ පිරිසගෙන් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට අළුත් ප්‍රාකාරයක් ඉදි කිරීමට පියවර ගැනුණි. මින් පසු ඇති වූ Han රාජවංශය ( Han dynasty : 206 ක්‍රි.පූ– 220 ක්‍රි.ව) , Sui රාජවංශය (Sui dynasty : 220–618 ක්‍රි.ව) තව දුරටත් ප්‍රාකාරය අලුත් වැඩියා කිරීමද වැඩිදියුණු කිරීමද සිදු කෙරිණි. කෙසේ නමුදු මින් පසු ඇතුවූ Tang (618-907) සහ Song (960-1279) යන රාජවංශ මෙහි ඉදිකිර්‍රම් වලට දායක නොවූ බව පැවසේ.

Ming අධිරාජ්‍යයේ (1368-1644) බිහි වීමත් සමග නැවත මෙහි වැඩ කටයුතු ඇරඹුන අතර පෙරට වඩා ශක්තිමත් වන ලෙස ගල් සහ ගඩොල් යොදා ගනිමින් ඉදි කිරීම කෙරුණි. දල වශයෙන් 25000 ක පමණ නිරීක්ශණ කුලුණු ප්‍රමාණයක් මෙහි ඉදි කර තිබූ බව සැලකේ. විශේෂයෙන්ම එවකට එහි අගනගරය වූ බීජිං නගරය ආසන්නයේ වූ කොටස ඉතාම ශක්තිමත් ව ඉදි කෙරිණි.

චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි.

ප්‍රාකාරයේ පළලම ප්‍රදේශය මීටර 9 ක් (අඩි 30) පමණ  වන අතර උසින් වැඩිම ප්‍රදේශය මීටර 8 ක් (අඩි 30) පමණ වේ.

1987 දී චීන මහා ප්‍රාකාරය යුනෙස්කෝ ලෝක උරුමයක් විය.

(අන්තර්ජාලය සහ විකිපීඩියා ඇසුරේනි)

Add a Comment

Your email address will not be published. Required fields are marked *